දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය..

මෙවර ජනාධිපතිවරණයේ දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කළ ආකරය සලකා බැලීමේ දී සමස්තයක් ලෙස 78%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව කැපී පෙනෙන වැඩින ඡන්දය ප්‍රකාශයට පත් වී ඇත්තේ නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්ක වලිනි. එම දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද  ප්‍රතිශතය 80% ක් ලෙසයි වාර්තා වෙන්නේ.

 පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් 78% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙනවා.

 මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් පමණ විය.

 මේ අතර අවම ඡන්ද ප්‍රතිශතය වන 68% කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා වී තිබෙනවා.

2024-ජනාධිපතිවරණය-දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

නුවරඑළිය -80%

මොනරාගල-77%

පොළොන්නරුව-78%

රත්නපුර-75%

ගම්පහ-80%

කොළඹ-75%

අම්පාර-70%

කිලිනොච්චිය-68%

පුත්තලම-75%

කළුතර-75%

ගාල්ල-74%

වවුනියාව-72%

මන්නාරම-72%

බදුල්ල-73%

හම්බන්තොට-78%

කෑගල්ල-75%

අනුරාධපුරය-75%

මඩකලපුව-69%

Latest News

error: Content is protected !!