හදිසි ඇඳිරි නීතිය පිළිබඳ අනුරගෙන් විශේෂ නිවේදනයක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ජාතික ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන බවයි එහි දැක්වෙන්නේ.

පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් එම නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!