ඇඳිරි නීතිය පැනවීම මිනිසුන් අනවශ්‍ය ලෙස කලබලයට පත් කිරීම සඳහා සිදුකරන කටයුත්තක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ජනතාව මේ අවස්ථාවේ ඉතාම සමකාමීව තම නිවෙස්වලට වී සිටින බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
රට තුළ ඉතාම සාමකාමී මැතිවරණයක් පැවති වාතාවරණයක මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව හදිසි ඇඳිරි නීතිය පැනවීමට රජය ගත් තීරණය පිළිබඳ මේ වන විට බරපතල සැක සංකා මතු වී ඇති අතර විවේචනයට තුඩු දී තිබෙනවා.