තැපෑලෙන් කසකාරයා එයි.අනුර පෙරමුණේ

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක කස කාරයන් වන්නේ රාජ්‍ය සේවකයින්ය.

ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඊයේ (22) පැවැත්වුණු ජනාධිපතිවරණයේ කසකාරයා මුලින්ම මතුවුණේ රත්නපුරයෙනි.

එම ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,265 ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත් වුණා.ඔහුගේ ප්‍රතිශතය වූයේ 60.83%කි.

රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ දෙවැනි ස්ථානයට පත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතාය.ඔහු ඡන්ද ලක්ෂ 6641ක් ලබා ගත් අතර ඔහු ලබා ගත් ප්‍රතිශතය වන්නේ 21.06 කි.

තෙවැනි තැනට පත් වුණේ මෙවර ජනාධිපතිවරණය තවත් ප්‍රධාන අපේක්ෂකයකු වූ සජිත් ප්‍රේමදාස මහතාය.ඔහු ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4675 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 14.82 ක් වේ.

ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිඵලය දෙගුණයකටත් වැඩි පරතරයකින් ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක මහතාය.

මෙම ප්‍රතිඵලය වාර්තා වන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ දිනට දින දෙකකට පෙර රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 24% සිට 60% දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබු වාතාවරණයක වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර ගුරුවරු විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය සේවකයින් රු 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි අවස්ථාවේ රජය එයට දැඩි ලෙස එරෙහි වුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...