ලිමිනිත් ඇමරිකාව බලා පියාඹයි

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ හා ඇයගේ පියා වන තිලක් විරසිංහ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඔවුන් අද (22) දිනයේ 3.30 ඩුබායි රාජ්‍ය බලා පිටත්වයන එමිරේට්ස් ගුවන් යානයෙන් පිටත්වන බවයි සඳහන් වන්නේ.

ලිමිණිගේ මව සහ දරුවන් දෙදෙනා දිවයිනෙන් පිටත්ව ගිය බව ඊයේ (21) වාර්තා වුණා.

ලිමිණි රාජපක්ෂ ඊයේ නාමල් රාජපක්ෂ මහතා සමඟ ඡන්දය ලබා දීමේ කටයුතුවලට ද සහභාගී වුණා.

මෙරට ප්‍රබල දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන අය ද පසුගිය දින කිහිපයේ රට හැර යාමට කටයුතු කර තිබුණා.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි සිට ඇමරිකාව බලා පිටත්ව යනු ඇති බවත් නාමල්ගේ දරුවන් දෙදෙනා රැගත් බිරිඳගේ මවගේ ගමනාන්තය ද ඇමරිකාව බවයි වාර්තා වුණේ.

__tpx__

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...