අනුරගේ ජයග්‍රහණය හර්ෂ පිළිගනී

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඔවුන් දැඩි ප්‍රචාරක කටයුතු කළ නමුත් නව ජනාධිපතිවරයා වන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක බව පැහැදිලි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

 ඔහු X හි පළ කළ පණිවිඩයක සඳහන් කළේ, “අපි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දැඩි ලෙස ප්‍රචාරක කටයුතු කළ නමුත් එය එසේ සිදු වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බව දැන් පැහැදිලිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මයෙන් පිරිසිදු හිතෙන් මම මගේ මිතුරාට ඉදිරි දුෂ්කර මාවතේ හොඳම දේ ප්‍රාර්ථනා කරමි.” ඔහුගේ පණිවිඩයේ දැක්වෙනවා.

Latest News

error: Content is protected !!