ගිනිගෙන රත්වුණ දවසක් සැනසෙන එක හැන්දෑවක… ඉර අඳුරට හැංගෙනවා…

ප්‍රවීණ ශ්‍රී ලාංකේය නළුවෙක්, තිර රචකයෙක් සහ ගීත රචකයෙක් ලෙස දශක ගණනාවක් මෙරට කලාව පෝෂණය කළ ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 77 වන වියේ පසුවිය.

“අනුර මේ වෙනස කරන්නේ කොහොමද කියලා මට බලාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා” – ඩබ්ලිව් ජයසිරි

ඔහුගේ ජීවිත කලාය පුරා වෙනස් සමාජයක් වෙනුවෙන් සිහින දුටු මිනිසෙකුගේ නික්මයාම තීරණාත්මක එම වෙනසට මුල පුරන දිනක සිදුව ඇත්තේ ඒ අයුරෙනි.

මෙරට චිත්‍රපට ගීත වංශයේ සුවිශේෂී ගීතයක් වන “හඳුනාගත්තොත් ඔබ මා” ඔහුගේ රචනයකි.

“උදුම්බරා හිනැහෙනවා

ඉර අඳුරට හැංගෙනවා

දස දහසක් සම් මස් ඇට

දස දහසක් සම් මස් ඇට

සිනා කඳුලු වැහි වැහැලා

ගිනි ගෙන රත් වුනු දවසක්

සැනසෙන එක හැන්දෑවක

සැනසෙන එක හැන්දෑවක

මුහුදු කොනේ සුදු වැල්ලේ

ඉර හැගෙන එක මොහොතක

ඉර හැගෙන එක මොහොතක

උදුම්බරා.. හිනැහෙනවා

ඉර අඳුරට…… හැංගෙනවා”

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...