අනුර පරාජය කරන්න බෑ..කලබල නොවැන්නයි මාළිමාවෙන් නිවේදනයක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය අනුව මේ වන විට ලක්ෂ 13 ක ඡන්ද පරතරයකින් අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටින බැවින් ඔහුගේ ජයග්‍රහණය ස්ථිර බව ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් මහතා පවසනවා.

මේ වන විට දෙවැනි මනාප ගණන් කීරිමක් සිදුවන්නේ 50% ප්‍රතිශතය වෙත කිසිදු අපේක්ෂයකුට නොලැබීම මත මැතිවරණ නීතිවලට අනුකූලව පමණක් බව ඔහු සඳහන් කලා.

කෙසේ වෙතත් දෙවැනි සහ තෙවැනි මනාප ලබා දීම සිදුව ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයකින් බැවින් එය කිසිසේත් ලක්ෂ 13 ක ඉලක්කය පසු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි ඔහු කියා සිටියේ.

එබැවින් දෙවැනි හා තෙවැනි මනාප ගණන් කළත් කිසිවකුට අනුර කුමාර දිසානායක මහතා පරාජය කළ නොහැකි අතර අනුර කුමාර දිසානායක මහතා විශාල පරතරයකින් ජයග්‍රහණය කර ඇති බව ඒ මහතා අවධාරණ කළා.

කිසිදු ආකාරයකින් කලබල නොවන ලෙසත් තවත් පැය දෙක තුනක් ඇතුළත් මැතිවරණ කොමිසම නිල සමස්ත ප්‍රතිඵලය නිකුත් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!