ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය අද (24) ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා..
ඒ අනුව එම තනතුරට කාන්තාවක පත් වූයේ වසර 24 කට පසුව වන අතර ඇය එම ධුරයට පත් වූයේ ශ්‍රී ලංකාවේ 16 වැනි අගමැතිවරයා ලෙසයි.
1947 සිට නිදහස් ශ්‍රී ලංකාව අග්‍රාමාත්‍ය වරු පහලොස් දෙනෙකුගේ නායකත්වය ලබා ඇති අතර කාන්තාවන් වූවේ එයින් දෙදෙනෙකු පමණි. ඒ තුන් වතාවක් පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඇගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගයි. ඒ අනුව මෙම පත්වීම මඟින් ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට ද පත් වෙයි.
මීට අමතරව ඇය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙස ද දිවුරුම් දුන්නා.
54 හැවිරිදි හරිනි අමරසූරිය, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් සහ ක්‍රියාකාරිනියක වන අතර ඇය අනුර දිසානායක මහතාට සමාන සමාජ පසුබිමකින් දේශපාලනයට පිවිසුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව සෙනසුරාදා පැවති මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේ රට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට තල්ලු කරනු ලැබූ වසර 76කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ බලය හෙබවූ පාලක පක්ෂ දෙකක් පරාජයට පත් කරමිනි.
ජනාධිපතිවරයාට පසු දෙවැනි බලවත්ම තනතුර වූ අගමැති ධුරයට පත් වූ අවසන් කාන්තාව සිරිමාවෝ බණ්ඩාරනායක ය. ඇය 1960 දී එම තනතුරට පත්වන විට ලොව ප්‍රථම කාන්තා රාජ්‍ය නායිකාව වූ අතර 2000 දක්වා වාර තුනක් මෙරට අග්‍රාමාත්‍යධුරයට පත් වුණා.වසර 24 කට පසු ශ්‍රී ලංකාවට කාන්තා අග්‍රාමාත්‍යවරියක්…හරිනි දිවුරුම් දෙයි