ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය පත් කෙරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩලයක් නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආරක්‍ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පවතී.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධිකරණ,කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධනය සහ සෞඛ්‍යය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා, ළමා හා යෞවන කටයුතු සහ ක්‍රීඩා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම ඒ අනුව අද සිදු වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දිවුරුම් දෙනු ලැබුවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂාව, විදේශ කටයුතු,පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පත්,සැපයුම්, වැවිලි හා ප්‍රජාව, යටිතල පහසුකම් සහ ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් යන අමාත්‍ය ධුරයන්හිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

ජනපතිගේ ආරක්ෂක රථ පෙළ හදිසියේ වැඩි වුණේ ඇයි

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ හදිසි...

‘දිට්වා’ නොතැකූ බව කියමින් ජනපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමේ මෙහෙයුමක්

'දිට්වා' සුළි කුණාටුව පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර...

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...