ආචාර්ය හරිනි පුරුදු සරල ක්‍රමයටම අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගනී

ශ්‍රී ලංකාවේ 16 වන අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කළා.

ඒ දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසයි.

ජනතාව අපේක්ෂා කළ ඒ වෙනස සිදු කිරීමට වත්මන් රජය සූදානම් බවත්, ඒ වෙනුවෙන් සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී පවසා තිබෙනවා.

මේ අතර අභිනවයෙන් පත් වූ අග්‍රාමාත්‍ය ලේකම් ජී. සපුතන්ත්‍රි මහතා ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...