මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අත්සන් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (24) රාත්‍රියේ නිකුත් කෙරුණා.

එම ගැසට් නිවේදනයට අනුව මීළඟ නව පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා වන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කරන බව ගැසට් නිවේදනයේ සඳහන්.

අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ 2024 නොවැම්බර් මස 21 වැනි දින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Latest News

error: Content is protected !!