හෙලිකොප්ටර් හා ගිලන් රථ ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාට පුළුවන් ද?

රටක මුල් පුරවැසියා ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල වෙන්වූ ආරක්ෂක ප්‍රොටෝකෝලවලට අවනත විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාධ්‍යන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය විශාකා සූරිය බණ්ඩාර මහත්මිය පවසනවා.

ඔහු රටේ මුල් පුරවැසියා බවත් ඔහුගේ ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් රටද අනතුරට පත් වන බව ඇය සඳහන් කරනවා.

ඇය මේ බව පැවසුවේ දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් අතරතුරදීය.

ජනාධිපතිධුරයට පත් වූ විට පවතින සම්ප්‍රදායන් සහ නීති එකවර වෙනස් කළ නොහැකි බවයි ඇය පවසන්නේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසු පළමුවරට දළඳා මාළිගාව වැඳ පුදා ගැනීම සිදු වුයේත් එම සම්ප්‍රාදයන්ට ගරු කිරීමක් ලෙස බවයි ඇය පැවසුවේ.

“ඒවා කතා.කතා එක්ක අපට යන්න බෑ.නීතියක් තියෙනවා.මං දන්න තරමින් ඔහු හෙලිකොප්ටරේ තමයි ගිහින් තියෙන්නේ.ඔහු හෙලිකොප්ටරේ යන්නෙ නෑ කිව්වට.සමහර තැන්වලදි අපට ඒ දේවල් කරන්න සිද්ධ වෙනවා.නැතිනම් මේ සම්බන්ධ වගකීම්වලට බැඳිලා ඉන්න නිලධාරීන්ට ඒවට උත්තර දෙන්න සිද්ධ වෙනවා.”

Latest News

More like this

නිවස තුළ පීඩනය දරාගත නොහැකිව හඬා වැටුණ තනුශ්‍රී

2018 වසරේ දී බොලිවුඩයේ #MeToo ව්‍යාපාරය නැගී ආ සමයේ...

චිත්‍රපට තිර, රොබෝ වේටර්වරු සහිත ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අවන්හල විවෘත වේ

ප්‍රකෝටිපති බිලියනයකු වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් එක්සත්...

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු...

සැඟවී ගිය එකගෙයි කෑමේ චාරිත්‍රයට පණ දුන් අයිය මළෝ දෙන්නා…

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කුඩා කොටසක පැවති 'හට්ටි' බහුපුරුෂ විවාහ...
error: Content is protected !!