ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවෙමු..

ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවේ ඊයේ (25) අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරින් සමඟ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,

ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බව අපි මේ මොහොතේ තේරුම්ගත යුතුයි. පැවැති රජයකට එරෙහිව පැවැති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයකදී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත්වුණේ.

ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුවයි. මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂවලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වු මැතිවරණයක් කිව්වොත් නිවැරදියි.

ජනාධිපතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනතාව අමතමින් සඳහන් කළේ රටක දියුණුවට ජනතාව, පාලකයා සහ රාජ්‍ය සේවය අතර හොඳ විශ්වාසයක් තිබිය යුතු බවයි. ජනතාවට ඒ විශ්වාසය නැතිවෙලා. එය නැවත ඇතිවන ලෙස වැඩකිරීම අපේ යුතුකමක්. ජනතාව තනිවෙලා බවයි සිතන්නේ. නීතිය, රාජ්‍ය සේවය, දේශපාලන අධිකාරිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නැතුව රටක් ගොඩ නගන්න බැහැ. ඒ විශ්වාසය ඇතිවන ලෙස වැඩ කරමින් අපිට රට ඉදිරියට ගෙනියන්න වෙනවා.

ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩ නැගීම අපේ අරමුණක්. රාජ්‍ය සේවකයින් ස්වාධීනව වැඩ කරමින් ජනතා විශ්වාසය දිනාගන්න කටයුතු කරන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සඳහන් කර සිටියා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!