සජිත් මහ මැතිවරණය හොඳටම කරන්න සූදානම්..

එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් හොඳම ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන සන්ධානයේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයින්ගේ හමුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස එසේ සඳහන් කළා.

සමගි ජන සන්ධානයේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයින්ගේ හමුවක් වෝඩ් පෙදෙසෙහි පිහිටි සමගි ජන සන්ධාන කාර්යාලයයේදී සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ පැවැත්වුණා.

මෙම හමුවට සමගි ජන සන්ධානයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියා.

Latest News

error: Content is protected !!