පෙම්වතා හමුවීමට ගිය සිසුවිය සමූහ දූෂණය වෙලා..

දෙමව්පියන්ට නොදන්වා මධ්‍යම රාත්‍රියේ පෙම්වතා හමුවීමට ගොස් සිටිය දී එහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පෙම්වතාට පහර දී එළවා දමා තමාව දූෂණය කළ බවට 17 හැවිරිදි සිසුවියක් තෙබුවන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඉකුත් අගෝස්තු 23 වැනිදා 21 හැවිරිදි තම පෙම්වතා සමඟ රාත්‍රී 11.30ට පමණ පැලපිටියාගොඩ කළුගල් තලාවක කතා කරමින් සිටියදී අදාළ සැකකරුවන් පැමිණ පෙම්වතාට පහර දෙද්දී ඔහු යතුරුපැදිය දමා පලා ගිය බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

එම අවස්තාවේ තමා සැකකරුවන්ගෙන් පලා යන විට ඇලට වැටී ඇති බවත් සැකකරුවන් තමාව ගොඩ ගෙන තිබෙන බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්.

පෙම්වතා පැමිණ ටික වේලාවකින් සොයා බලන විට එක් සැකකරුවෙන් තමාගේ ඇග උඩට නැග කට වැසූ බවත්, පෙම්වතා මද වේලාවක් සොයා බලා දමාගිය යතුරුපැදිය ද රැගෙන පිටව ගිය බව ඇය පොලීසියට පවසා තිබෙනවා.

ඉන්පසු සැකකරුවන් දෙදෙනා ඇයව දූෂණය කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඉකුත් 24 වැනිදා තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු තමන් මේ පිළිබඳව ඉංශ්‍රීසි ගුරුතුමියට පැවසීමෙන් පසු ඇය අදාල සිසුවියව පොලීසියට යොමු කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මේවන විටත් හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් අනෙක් සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තෙබුවන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!