මහ මැතිවරණයේ මාළිමාව කප් එක උස්සන හැටි…එස් බීගෙන් අනාවැකියක්

ජාතික ජන බලවේගය මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 65ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි වැඩි බවත්, එම වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඔහු මෙම අදහස් පල කළේ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරඟ කළහොත් ශක්තිමත් විපක්ෂයක් හෝ හදාගන්නට හැකියාව ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

අනුර කුමාර මහතාට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවන බව තමාට පෙනෙන බව එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...