අපිලගේ සාධු අගමැති සටනට…

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය තමා වෙත ලබා ගන්නා බව බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

ඒ අනුව ජන සෙත පෙරමුණෙන් තරග වැදීමට කැමති අයට ඒ සඳහා ඉදිරිපත් වන ලෙසට උන්වහන්සේ විවෘත ආරාධනාවක් ද සිදු කළා.

පාර්ලිමේන්තුවේ 225න් 150ක සහාය ලබා ගන්නේ නම් තමාට අගමැති ධුරය ලබා ගැනීමේ ඉහළ හැකියාවක් පවතින බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ඡන්දය ලබා නොදුන්න ද අපිලගේ සාධු කියමින් තමා ජනතාවගේ හදවතේ සිටින බව උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කර සිටියා.

බත්තරමුල්ලේ සීලරතන හිමි ඉකුත් ජනාධිපතිවරණයට ‘ට්‍රැක්ටරය’ ලකුණින් ඉදිරිපත් වී ඡන්ද 6839ක් ලබා ගත්තා.

Latest News

error: Content is protected !!