ලිට්‍රෝ ගෑස් සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාය.

ගෑස් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මත එවකට සිටි සභාපතිවරයා ඉල්ලා අස්වීමත් සමග මුදිත පීරිස් මහතා නව සභාපති ලෙස පත් කෙරුණා.

මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!