අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් නෙරපීමට යෝජනාවක්..

නීතිවිරෝධී රත්‍රං සහ ජංගම දුරකථන සමඟ කටුනායක ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් නෙරපීම සම්බන්ධයෙන් යෝජනාවක් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වූ බව වාර්තා වේ.

එහිදී රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා වූ අතර, සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කළ බවට විශ්වාස කරන අතර මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගැනීමට තීරණය කළ බවයි පක්ෂ නායක රැස්වීමට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

“රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්ෂ නායකයන් තීරණය කළ අතර හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයා නෙරපා හැරිය හැකි බවට මතයේ සිටියා. ඒ නිසා අපි තීරණය කළා රහීම් මන්ත්‍රීවරයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන්න යෝජනාවක් ගේන්න ඕන කියලා.” යැයි පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් පැවසීය.

“මන්ත‍්‍රී රහීම්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු නෙරපා හැරිය යුතු බවත් තීරණය කළා,” ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල් මහතා දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කාලයේ බලයෙන් පහ කළ ආකාරයටම දූෂණ චෝදනා මත මන්ත්‍රීවරයකු ද නෙරපා හැරීමේ පූර්වාදර්ශයක් තිබෙන බව මන්ත්‍රීවරු පවසති.

Latest News

More like this

රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට...

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...