කෑලි 59කට කැබලි වී ෆ්‍රිජ් එකක සිරවී සිටි ඉන්දීය තරුණියගේ ඝාතනයේ සුලමුල පෙම්වතාගේ ඩයරියෙන් හෙළි වේ

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී 29 හැවිරිදි මහාලක්ෂ්මි නම් තරුණියක් කැබලි 59කට කපා ඇගේ සිරුරේ කොටස් ශීතකරණයේ පුරවා ගෙන සිටි බව කියන විත්තිකරු විසින් ලියන ලද සියදිවි නසාගැනීමේ සටහනක් ඔස්සේ රටම කම්පාවට පත් කළ බිහිසුණු අපරාධයක සුල මුල හෙළි කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුක්ති රාජන් රෝයි නම් සැකකරුගේ සියදිවි නසාගැනීමේ සටහන පොලිසිය විසින් සොයාගනු ලැබුවේ වින්දිත මහාලක්ෂ්මිගේ සගයෙකුගේ මාර්ගයෙනි.

විත්තිකරු සිය දිනපොතේ මරණ සටහන ලියා ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. සියදිවි නසාගැනීමේ ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ “සැප්තැම්බර් 3 වැනිදා මම මගේ පෙම්වතිය වන මහාලක්ෂ්මිව ඝාතනය කළා” යනුවෙනි.

මුක්තිරාජන් රෝයි වැඩි දුරටත් එහි විස්තර කර ඇත්තේ තමා සැප්තැම්බර් 3 වැනිදා මහාලක්ෂ්මිගේ නිවසට ගිය බවයි.“ඇයගේ හැසිරීම මට එපා වුණා. මම ඇය සමඟ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් රණ්ඩු වූ අතර මහාලක්ෂ්මි මට පහර දුන්නා. ඇගේ ක්‍රියාවෙන් කෝපයට පත් මම ඇයව මරා දැමුවා.”

“ඇයව මරා දැමීමෙන් පසු මම ඇගේ සිරුර කැබලි 59කට කපා ශීතකරණයේ තැබුවා. ඇයගේ හැසිරීම එපා වෙලා තමයි මම මේ ක්‍රියාව කළේ” විත්තිකරු සිය දිනපොතේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඔඩීෂා ප්‍රාන්තයේ භද්‍රක් දිස්ත්‍රික්කයේ බදාදා (සැප්තැම්බර් 25) ගසක එල්ලී මිය ගියේ ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදීය.

“මිනීමරුවා යැයි සැක කරන මොහු බදාදා සිය ගමට පැමිණ නිවසේ නතර වී සිටි ඇති බවයි වාර්තා පවසන්නේ. පසුව ඔහුගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයා ගත් බව පොලිසිය පවසනවා.

අමානුෂික ලෙස මරා දමා බැංගලෝරයේ වයිලිකාවල් ප්‍රදේශයේ මහල් නිවාසයක ශීතකරණයක් තුළ කැබලි 50 කට වඩා කපා දමා තිබියදී ඇගේ සිරුර සැප්තැම්බර් 21 වන දින සොයා ගැනුණා.

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!