මැති ඇමති බංගලා වහාම භාර දෙන්න..රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙයි

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියළුම රජයේ නිවාස හා බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඊයේ (26) ලිඛිතව දැනුම් දී තිබෙනවා. 

එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇති බවයි.

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා ප්‍රමාණය 50 ක් බවයි සඳහන් වන්නේ.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දී තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය හෝ ඊට පසු දින එම නිවාස යළි භාර දිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (26) දැනුම් දී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සියලු ආකාරයේ දීමනා මුද්‍රණ ගාස්තුව ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සමඟ අහෝසි වී ගොස් තිබෙනවා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...