කොටුව ජනාධිපති මන්දිරය අවට අධි ආරක්ෂිත පාරවල් මහ ජනතාවට විවෘත වේ..

මෙතෙක් මාර්ග බාධක යොදා වසා දමා තිබූ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබෙනවා.

 ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් උපදෙස් පරිදිය.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කොට වසා දමා තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්‍රීමත් භාරං ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණයට විවෘත වෙනවා.

Latest News

error: Content is protected !!