වැඩබලන පොලිස්පති ධුරය ප්‍රියන්ත වීරසූරියට..

ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා සේවය කළ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ඔහු මින් පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුවල ද සේවය කළ අයෙකි.

එමෙන්ම ඔහු වැඩබලන පොලිස්පති ධුඅරයට පත් වීමට පෙර අවසන් වරට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු වශයෙන්ද දිවුරුම් දුන් නිලධාරියෙකි.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ද ලබා ඇති ඔහු, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහාද සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක්ව තිබෙනවා.

පොලිස්පති ධූරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝ මහතා අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදු කිරීම අත්හිට වූ අතර, එම හේතුවෙන් මේ වන තෙක් එම ධුරය පුරප්පඩු වී පැවතුණා.

__tpx__

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...