වැඩබලන පොලිස්පති ධුරය ප්‍රියන්ත වීරසූරියට..

ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා සේවය කළ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ඔහු මින් පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුවල ද සේවය කළ අයෙකි.

එමෙන්ම ඔහු වැඩබලන පොලිස්පති ධුඅරයට පත් වීමට පෙර අවසන් වරට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු වශයෙන්ද දිවුරුම් දුන් නිලධාරියෙකි.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ද ලබා ඇති ඔහු, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහාද සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක්ව තිබෙනවා.

පොලිස්පති ධූරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝ මහතා අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදු කිරීම අත්හිට වූ අතර, එම හේතුවෙන් මේ වන තෙක් එම ධුරය පුරප්පඩු වී පැවතුණා.

__tpx__

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...