ඉන්ධන මිලත් 100ට අඩු කරන්න..කාංචනගෙන් අනුරගේ සහන මල්ලට පැසසුම්

පසුගිය රජය විසින් ගනු ලැබූ තීන්දු තීරණ කිහිපයක් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රියාවට නැංවීම පිළිබඳ ස්තූතිවන්තවන බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ධීවරයින් සඳහා ඉන්ධන සහනධාරය ක්‍රියාත්මක කිරීම හා පොහොර සහනාධාරය 15000 සිට 25000 දක්වා වැඩිකිරීමටත් ඉන්දියානු ණය වැඩපිළිවෙල යටතේ ලැබුණු සූර්ය පැනල බෙදාහැරීම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරණ කාල සීමාව තුළ මැතිවරණ කොමිසම මඟින් අත් හිටවූ වැඩසටහන් බව ඔහු සඳහන් කළා.

විශේෂයෙන් ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරය ලබා දීමට මහා භාන්ඩාගාරයෙන් මුදල්වෙන් කර තිබූ අතර මැතිවරණ කාල සීමාව හේතුවෙන් එය නතර කරන ලද බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කළ බවත් මේ වන විට මහ මැතිවරණයක් පවතින නමුත් තමා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ එය නතර නොකරන ලෙස බව ඔහු පැවසුවේ මාධ්‍ය නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම ජනාධිපතිවරණ වේදිකාවේ සඳහන් කළ ආකාරයට රු 100 ක් වැනි මුදලකට ඩීසල් ලබා දීම සඳහා අදාළ බදු මුදල් ඉවත් කර එම සහනය ඉක්මණින් ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටියා.

ඔක්තෝබර් මාසයේ සිට ලබා දෙන බව පැවසූ විදුලි බිල සංශෝධනය ද කඩිනමින් ලබා දෙන ලෙසයි ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේ.

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!