ජනපති පත් කළ පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් හදිසියේ ධුරයෙන් ඉවත් වෙයි..?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු නව අමාත්‍යාංශ ලේකම් නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කිරීමට කටයුතු කළා.

එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් වැඩි පිරිස පැවති රජය යටතේ එම අමාත්‍යාංශවලට පත් කරනු ලැබූ නිලධාරීන් වූ අතර නව ජනාධිපතිවරයා යටතේ ඔවුන් යළි එම තනතුරුවලටම පත් කිරීම සිදු කෙරුණා.

ඒ අනුව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් වූයේ එම තනතුරේ පෙර කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතාය.

කෙසේ වෙතත් ඔහු මේ වන විට ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව එම අමාත්‍යාංශයට සමීප ආරංචි මාර්ග පවසනවා.

ප්‍රදීප් යසරත්න මහතා දෙසැම්බර් මාසයේ විශ්‍රාම යාමටයි නියමිතව සිටියේ.

කෙසේ වෙතත් නව පත්වීම භාර ගැනීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගැනීමට හේතුව ප්‍රකාශ වී නැතත් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඔහු යම් කිසි කළකීරිමකින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ විදායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ ඔහු ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු ලැබී නැත ද ඔහු පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ඉල්ලා අස්වී ඇත් නම් නව ජනාධිපතිවරයා යටතේ නව අමාත්‍යාංශ ලේකම්වරයකු එම අමාත්‍යාංශයට පත් කිරීමට කටයුතුකරනු ඇති බවයි.

1998 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස පරිපාලන සේවයට එක් වූ අතර සහකාර ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් වැනි තනතුරුවල කටයුතු කර තිබෙනවා.

2020 සිට 2022 දක්වා කාලය තුළ කොළඹ දිසාපති ලේකම් ධුරය හොබවා ඇති අතර, 2023 වසරේ බස්නාහිර පලාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කළා.

පසුව 2024 වසරේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් වු අතර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!