ලෙබනනයේ හිස්බුල්ලා මූලස්ථානය ඉලක්ක කර ඊශ්‍රාලයෙන් ප්‍රහාර මාලාවක්..

හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා ඉලක්ක කර ලෙබනනයේ බේරූට් හි හිස්බුල්ලා මූලස්ථානයට ප්‍රාහරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සිකුරාදා (සැප් 27) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නස්රල්ලාට එම ප්‍රහාරයෙන් හානියක් සිදු වූවාද යන්න ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙතෙක් තහවුරු කර නැහැ.

හිස්බුල්ලා උපාය මාර්ගයේ කොටසක් ලෙස හිස්බුල්ලා මූලස්ථානය බේරූට් හි ඩහියේ හි නේවාසික ගොඩනැගිලි යට හිතාමතාම ඉදිකර ඇත්තේ ලෙබනන් ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීමේ අරමුණින් බව ඊශ්‍රාලයේ ආරක්ෂක හමුදා ප්‍රධානි ඩැනියෙල් හගාරි පවසනවා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 76 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරවලින් ලෙබනන් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල ගොඩනැගිලි හතරක් විනාශ වී ඇති බව හිස්බුල්ලා හි Al-manar රූපවාහිනිය ප්‍රකාශ කළා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...