ජනපති අනුර අනාරක්ෂිතයි..කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපතිව ජනතාව වටකර ගනී..

කොළඹ බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වැනි වරටත් පැවැත්වෙන ” කොළඹ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අද (28) එක් වුණා.

ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය වූ අද එහි සහභාගී වී සිටි මහ ජනතාවගෙන් ඔහුට විශාල ප්‍රතිචාරයක් හිමිවුණ අයුරු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද මෙහි දී ජනාධිපති අනුර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

කුටි 400කින් පමණ සමන්විත දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ් සිටි ජනතාව සමඟ කෙටි පිළිසඳරක ද නිරත වුණා.

කෙසේ වෙතත් ඔහු ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියට පැමිණ තිබුණේ ද සීමිත ආරක්ෂකයින් පිරිසක් සමඟ වන අතර ජනාධිපතිවරයා ලෙස ඔහුගේ ආරක්ෂාව බරපතල අනතුරක පවතින බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා.

Latest News

error: Content is protected !!