ලබන වසරේ සිට තනි අගයක ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් – මහා බැංකු අධිපති

ලබන වසරේ සිට තනි අගයක ප්‍රතිපත්ති පොලී අනුපාතික හඳුන්වාදීමට කටයුතු කෙරෙන බව මහා බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළා.

එක් ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ලෙස පත් කිරීමට කටයුතු කරන බවට මෙම වසර ජනවාරි මාසයේ දී දැනුම් දී තිබෙන බවත්, මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ඒ සඳහා අනිකුත් රටවල් සිදු කර ඇති ආකාරය පිළිබඳව ද පර්යේෂණ සිදු කරමින් යම් ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත්, දේශීය මුල්‍ය වෙළඳපොලේ සහභාගී වන්නන් සමඟ ද ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත්, එම ක්‍රමවේදය දෙසැම්බර් වන විට ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් මහා බැංකු අධිපතිවරයා මෙහි දී කියා සිටියා.

ඒ අනුව මෙම වසරේ අවසානය වීමට පෙර  තනි අගයක ප්‍රතිපත්ති පොලී අනුපාතිකයකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...