හිස්බුල්ලා සටන්කාමීන්ගේ වසර 30ක නායකයා ඝාතනය වේ..ලෙබනන් ජනතාව මහ මඟ හඬා වැටේ..

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන සිය සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කළ බව හිස්බුල්ලා සංවිධානය මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ඊයේ (27) නසරැල්ලා ඉලක්ක කර හිස්බුල්ලා මූලස්ථානය යැයි සැලකෙන බේරූට් වෙත ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

ඊශ්‍රායලය පසු ගිය කාලයේ එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන් කාමීන් ගණනාවක් ඝාතනය කළ ද එම සංවිධානය වෙත එල්ල කෙරුණු දරුණුතම පහර වන්නේ නසරැල්ලා ගේ ඝාතනයයි.

එබැවින් මෙය දරුණු ප්‍රතිවිපාකවලට මුල පුරා ඇති අතර භයානක යුද්ධයක පෙර නිමිත්තක් බව ජ්‍යාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

හසන් නසරැල්ලා හිස්බුල්ලා සංවිධානයට වසර 30ක් තිස්සේ නායකත්වය ලබා දුන්නා.

ඔහු 1960 වසරේ දී බේරූට් අගනුවර බොරූජ් හැමෝද් පළාතේ උපත ලැබුවේ නව දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙසයි.

ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කර ගැනීම ගාසාතීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේම කොටසක් ලෙසයි සැලකෙන්නේ.

නසරැල්ලා ඝාතනය පිළිබඳ හිස්බුල්ලා සංවිධානය කළ තහවුරු කිරීමෙන් පසු බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් කම්පනයෙන් හා ශෝකයෙන් වැළපෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ලෙබනන් මාධ්‍ය විසින් නිකුත් කර තිබුණේ මෙසේය.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!