විශ්‍රාම ගිය ජනපතිවරු නඩත්තුව 200%කින් 300%කින් ඉහළට..

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග,මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමාදාස මහත්මිය නඩත්තු කීරිම සඳහා 2022-2024 වසර තුනක කාලය තුළ රුපියල් කෝටි 27ක මුදලක් වැය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මහ බැංකු වාර්තාවල ඒ බව සඳහන් වන්නේ යැ‍යි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දි වැය කර ඇති මුදල රුපියල් කෝටි හතක් බවයි.2023 වන විට එය රුපියල් කෝටි අටක් දක්වා වර්ධනය වූ අතර මේ වසර වන විට එය කෝටි 11ක් දක්වා ඉහල ගොස් ඇතැටි ඔහු පෙන්වා දෙනවා.

මේ අනුව එම මුදල සියයට 45ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහා මේ වසරේ රුපියල් එක් කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වෙන් කර තිබෙනවා.හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහස බැගින් වෙන් කර ඇති බව පවසන ඒ මහතා හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රිපියල් හැට අට ලක්ෂ විසිදහක මුදලක් වෙන් කර ඇති බව පවසනවා.

ඒ අනුව චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට වෙන් කරන ලද මුදල සියයට 273ක වැඩිවීමක් පෙන්නුම් කරයි.මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙන් කර ඇති මුදල සියයට 54ක වැඩි වීමක් ද ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන් කරන ලද මුදල සියයට 329ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කියා සිටියා.

මේ අතර මේ වසරේ ජනාධිපති කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රු. කෝටි 660කි.ජනාධිපතිවරුන්ට වෙන් කරන මුදල ද  සියයට 142ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!