ඉරානයට සහ ලෙබනනයට ශෝක කාලයක්..

ලෙබනනයේ බේරූට් වෙත එල්ල කෙරුණු ප්‍රහාරයකින් හිස්බුල්ලා සටන්කාමීන්ගේ දිගුකාලීන නායක හසන් නසරැල්ලා ජිවිතක්ෂයට පත් වීම සමඟ ලෙබනනයට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් අන්තර්වාර ලෙබනන් අගමැති නජීබ් මිකාටිගේ කාර්යාලය පැවසුවේ නිල ශෝකය සඳුදා ආරම්භ වන අතර පොදු ගොඩනැගිලිවල ධජ අඩකුඹු කරන බවයි.

එමෙන්ම නසරැල්ලා ඝාතනයෙන් පසු තම රට තර්ජනයට ලක්ව ඇති බව ද ලෙබනන අගමැතිවරයා ප්‍රකාශ කළා. 

රට මානුෂීය හා ආර්ථික අර්බුදයක අද්දර පවතින බැවින් “ආක්‍රමණ හමුවේ එක්සත්ව නැගී සිටින ලෙස” රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ මිකාටි ලෙබනන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර හිස්බුල්ලා නායකයා මියගිය බව තහවුරු වීමෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සෙනසුරාදා හසන් නස්රල්ලා වෙනුවෙන් දින පහක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...