අලුත්ම ක්‍රීඩා මධ්‍යස්ථාන 5ක් උත්සවවලින් තොරව ජනතා අයිතියට…

කොළඹ, මාතලේ, බිංගිරිය සහ ඕමන්තේ යන ප්‍රදේශවල අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් චාරිත්‍රානුකූල උත්සවවලින් තොරව මහජනතාවට විවෘත කරන ලෙස කාන්තා, ළමා හා යෞවන කටයුතු සහ ක්‍රීඩා ඇමැතිවරිය වන අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

මෙම ව්‍යාපෘති අගෝස්තු මස අග සහ සැප්තැම්බර් මස මුල වැඩ නිම කරන ලද ඒවායි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ 2024 සැප්තැම්බර් 27 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති පළමු රැස්වීමේදී නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, අගමැතිවරිය මෙම තීරණය දැනුම් දී තිබුණා..

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන වන්නේ,

1. කොළඹ ඉදිකළ ඔලිම්පික් මට්ටමේ කෘත්‍රිම හොකී පිටිය
2. මාතලේ ඉදිකළ ඔලිම්පික් මට්ටමේ කෘත්‍රිම හොකී පිටිය
3. බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 50ක දිගින් යුතු පිහිනුම් තටාකය
4. ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 25ක දිගින් යුතු පිහිනුම් තටාකය
5. ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩාංගණය

යන මධ්‍යස්ථානයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු පවසා ඇත්තේ දිවයින පුරා සිටින පාසල් සිසුන්ට, තරුණ තරුණියන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම මධ්‍යස්ථාන ලබාදීමට කඩිනම් පියවර ගනිමින් සිටින බවයි.

සැළකිව යුතු රාජ්‍ය අරමුදල් යොදා ගනිමින් රජය විසින් ආයෝජනය කර ඇති මෙම මධ්‍යස්ථාන ඉහළම ප්‍රමිතියෙන් පවත්වාගෙන යෑමට සහ අනාගත පරපුරට ඒවා සුරක්ෂිත කිරීමට සහාය වන ලෙස ක්‍රීඩා ලෝලී ශ්‍රී ලාංකිකයන්ගෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...