තානාපති සේවයට ගිය දේශපලානඥයින්ගේ දූලා පුතාලාට බඩු පැක් කරගන්න වෙයි..?

විදේශ දූත මණ්ඩලවල සහ කාර්ය මණ්ඩලවල දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බව විදේශ ඇමැති විජිත හේරත් මහතා පවසා තිබෙනවා.

අනතුරුව ඒ පිළිබඳව විධිමත් ලෙස කටයුතු කිරීමට සූදානම් බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියා.

තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් ඉවත්කිරීම හදිසියේ නොකරන බව පවසා ඇති ඇමතිවරයා, සියලුදෙනාගේ නාමලේඛනයක් සකස් කර දෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට දන්වා ඇති බවද සඳහන් කර තිබෙනවා.

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හදිසියේ ඉවත්කිරීමෙන් එම සේවයට බාධා සිදුවීමට ඉඩ ඇති හෙයින් ක්‍රමානුකූලව කටයුතු කිරීමට සිදුවන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...