ත්‍රිවිධ හමුදාවේ දිරි දීමනාවක් අහෝසි කරයි..ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරිමක්

ප්‍රභූ ආරක්‍ෂක කටයුතු සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දිරි දීමනාව අත්හිටුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් අමාත්‍යාංශය තහවුරු කළේ මෙම දීමනාව නතරකර ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර තිබූ පුද්ගලයන් සඳහා පමණක් බවයි.

2024 සැප්තැම්බර් 22න් පසු මෙම පුද්ගලයන් තවදුරටත් එවැනි රාජකාරිවල නිරත නොවන බැවින්, ඔවුන්ගේ දීමනා එදින සිට අත්හිටුවා ඇති බවයි එම නිවේදනයෙහි දැක්වෙන්නේ.

ඒ අනුව, එම දිරි දීමනාව ගෙවනු ලබන්නේ 2024 සැප්තැම්බර් 22 දක්වා පමණක් බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

කෙසේවෙතත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්තව සිටින පුද්ගලයන් සඳහා එම දීමනාව අඛණ්ඩව ගෙවනු ලැබේ.

මෙම ගෙවීම්වල කිසිදු වෙනසක් සිදුවී නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

Latest News

error: Content is protected !!