ජාතික ගුවන් සේවය විකිණීම නවතී…

මූල්‍ය අර්බුදයක් පවතින ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණා දැමීමට පෙර පැවති සැලසුම් අත් හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය අත් හැරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය රජය මුලදී සැලසුම් කළේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය හරහා ගුවන් සේවය දේශීය හෝ විදේශීය සමාගමක් වෙත විකිණීමටය.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මණ්ඩලය පසුව පැවසුවේ විකුණුම් ක්‍රියාවලිය අතහැර දමා ගුවන් සේවය සඳහා විකල්ප ආකෘතියක් දෙස බැලීමට තීරණය කළ බවයි.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහතා කියා සිටියේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා එහි වැදගත්කම අනුව ජාතික ගුවන් සේවය රජය යටතේ පැවතිය යුතු බව විශ්වාස කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගම විකුණා දැමීම හෝ කොටස් බෙදා හැරීම සිදු නොකරන බව ඒ මහතා ප්‍රකාශ කළා.

ඒ වෙනුවට එහි කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා නව මාදිලියක් පිළිබඳව සලකා බලන බවයි ඔහු සඳහන් කළේ.

පෞද්ගලික ආයෝජකයෙකු ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස ජාතික ගුවන් සේවයට අයත් ණය කොටසක් (ඩොලර් 510 )පවරා ගැනීමට පෙර කැබිනට් මණ්ඩලය එකඟ වී තිබුණා.

ඔවුන් මුලින් තීරණය කළේ රජය සතු ගුවන් සේවයෙන් අවම වශයෙන් සියයට 51 ක් විකිණීමට ය.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!