ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මිලියනයක් අවතැන් වේ..

ඊශ්‍රායලයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් දැනටමත් ලෙබනනයේ මිලියනයකට අධික ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වීමට සිදු වී ඇති බව එරට අගමැති නජීබ් මිකාටි පවසනවා.

එය රටේ ඉතිහාසයේ විශාලතම අවතැන් රැල්ල සනිටුහන් කර ඇති බවයි ඔහු පවසන්නේ.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා ප්‍රහාරවලින් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා කළා.

ඊශ්‍රායලය විසින් බේරූට්හිදී හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ඝාතනය කර දින දෙකකට පසුව පසුව මෙම තත්ත්වය වාර්තා වන අතර හිස්බුල්ලා සංවිධානය ද උතුරු ඊශ්‍රායලයට තවත් රොකට් ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පසුගිය සිකුරාදා (27) ඝාතනය වූ අතර ලෙබනන රජය අද (30) සිට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...