පසුගිය දිනෙක ‘මෝඩාභිමානි’ නම් වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නම් කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ කතිකාවක් ආරම්භවී තිබේ.
මෙම වැඩසටහන් වල ප‍්‍රධාන මොළකරු ලෙස මංජු නිශ්ශංක නැමැත්තාගේ සම්බන්ධයක් තිබේන බවද සමාජ මාධ්‍ය වල දක්නට ලැබේ. නමුත් ඔහු මෙය ප‍්‍රතික්ෂේප කර ඇත.
එම සටහන පහතින්..
කොළම්බු කොමඩි සෙන්ට්‍රල් (Colombo Comedy Central) ප්‍රහසන කලා කණ්ඩායම මගින් මෙහෙයවන වැඩසටහන් වල අන්තර්ගතය පිළිබද මංජු නිශ්ශංක වන මාගේ හෝ සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් සමාජ මාධ්‍යන්හි පලවන මඩ ප්‍රචාරණය එකහෙලා ප්‍රතික්ෂේප කරනු බවත් ප්‍රකාශ කරමු.
අපගේ ආයතනය මගින් විශ්වවිද්‍යාල සංගම්, ශිෂ්‍යයින්, ස්වේච්ඡා සහ තරුණ සංවිධාන සංවිධාන විසින් යෝජනා කරන සමාජ ප්‍රගමනයට හේතුවන කලා හා සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමහර අවස්තාවන් වලදී යම් අනුග්‍රාහකත්වයක් ලබා දෙනු ලබන අතර ඒවාගේ අන්තර්ගතයන් සහ ක්‍රියාත්මක කරවීමේ පූර්ණ වගකීම අදාල ආයතනයන් සහ පුද්ගලයන් සතු වේ. නමුත් අපගේ සද්භාවයේන් ලබා දෙන අනුග්‍රාහකත්වයක් සමාජ ප්‍රගමනයට හානි වන ලෙස භාවිතා කර තිබේ නම් එයද අප කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරනු ලබන බව අවධාරනය කරමු.
ශ්‍රී ලංකීය සාමාජීය පද්ධතියේ පදනම වන බෞද්ධ දර්ශනය සම්පූර්ණයෙන් විශ්වාස කරන පුද්ගලයකු ලෙසත්, බෞද්ධ දර්ශනයට අනුකූලව ජීවත්වන පුද්ගලයකු ලෙසත් බෞද්ධ දර්ශනයට හානි වන හෝ බෞද්ධයන්ගේ සිත් රිදවන සියළු ක්‍රියාවන් තරයේ ප්‍රතික්ෂේප කරන අතරම මෙවැනි අවස්ථා හුවා දක්වමින් පටු දේශපාලන වාසි සදහා මාගේ නම ඈදාගෙන මාගේ කීර්තිනාමයට හානි කිරීම ද පිළිකුල් සහගතව බැහැර කරමි.
ස්තුතියි
මංජු නිශ්ශංක
ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක
SL VLOG මාර දූතිකාවගේ ප්‍රකාශය හුදෙකලා සිදුවීමක් නෙවෙයි.
ඇය කතා කරන විදිය, ටෝන් එක, හැසිරීම් බැලුවම ඇය අසාමාන්‍ය, මානසික අවපීඩනයක ඉන්න චරිතයක් බව පේනවා.
මේ සිදුවීම හුදෙක් ඒ කාන්තාවට ලඝු කරන්න එපා. මේක පිටිපස්සෙ තියෙන ලොකු පිංතූරය දිහා බලන්න.
පහුගිය දවස් වල මේ විදියට ස්ටෑන්ඩ් අප් කොමඩි විදියට බුදු දහමට ඉතාම පිළිකුල් විදියට අපහාස කරන කිහිපදෙනෙක් දැක්කා.
ටානියා ලෙව්වන්දූවගේ, හසලක තුසාර, නාතාෂා එදිරිසූරිය වගේ චරිත.
මේ හැමෝම ඉන්නේ එකම වේදිකාවක. ඒ තමයි SL VLOGS වේදිකාව.
මේ හැමෝටම වැටුප් ගෙවලා මෙහෙයවන්නේ එකම පුද්ගලයෙක්.
ඔහු මංජු නිස්සංක.
SL VLOGS වර්තමාන හිමිකරුවා මංජු නිස්සංක. දර්ශන හඳුන්ගොඩගෙන් කෝටි කිහිපයක මුදලකට ඔහු SL VLOGS මිලට ගත්තා.
Singularity Moment කියන NGO එකත් ඔහුගේ.
ඉන්පසුව ඔහු බෘනෝ කියන පුද්ගලයා යටතේ SL VLOGS පාලනය කරනවා.
මොහු පසුපස විශාල ධනස්කන්දයක් තියෙන බව පැහැදිලියි.
SL VLOGS වේදිකා බලන්න. රූපවාහිනි නාළිකා වගේ විශාල වේදිකා, කැමරා ආම්පන්න ඔවුන්ට තියෙනවා.
විශාල පිරිසකට මංජු වැටුප් ගෙවනවා. SL VLOGS එක ඔෆිස් එකක් තියෙන්නෙ මාසික වාරිකය ලක්ෂ ගණනක් වෙන ඇක්සස් ටවර් එකේ.
මංජු පසුපස විශාල ධනස්කන්දයක් තියෙන බව පැහැදිලියි.
ඒ වගේම මේ සල්ලි ඔහු පාවිච්චි කරන්නේ මේ රටේ බුදු දහම විවේචනය කරන්න.
ඒ වෙනුවෙන් ඔහු වැටුප් ගෙවලා චරිත හදනවා. ටානියා ලා, නතාෂා ලා, තුෂාර ලා ඔහුගේ ඉත්තන් විතරයි.
සිංහල බෞද්ධයන් මේ මොහොතේ ඇස් ඇරලා බලාගෙන ඉන්න ඕන නතාෂාලා දිහා නෙවෙයි.
පිස්සු චරිත කැමරා ඉස්සරහට, වේදිකාවලට ගෙනල්ලා ඔවුන්ට මයික් අතට දීලා පස්සට වෙලා බලාගෙන ඉන්න මංජු නිස්සංක ගැන.
මාසෙකට මිලියන කිහිපයක් වියදම් කරලා ඇයි මංජු මේ විදියට බුදු දහම ඉලක්ක කරලා පහර දෙන්නෙ ? මොකක්ද මොහුගේ ඉලක්කය ?
මොහු එන්නේ ඇමෙරිකාවේ ඉදලා. මොහු මුදල් ඉපැයූ අයුරු ගැන විශාල බොරුවක් කියනවා. ඒක නිකන් තාඹුගල මුදල් ඉපැයූ අයුරූ ගැන කියන විශාල බොරුව වගේම එකක්.
තාඹුගල රටේම කොන්සර්ට් තියන්න සල්ලි වියදම් කරද්දි, මොහු පිස්සොන්ට මයික් දීලා බුදු දහමට නිගා කරන්න සල්ලි වියදම් කරනවා.
ඔහුට මුදල් ලබාදෙන තැන ගැන ඇහැ ගහගෙන හිටියොත් ඔබට සියල්ල පැහැදිලි වේවි.
මොහු දැඩි දේශපාලන ඉලක්කයක් තියාගෙන ක්‍රියාත්මක වන කපටි නරියෙක්. පහුගිය පළාත් පාලන ඡන්දෙට ටැප් එකෙන් නොමිනේෂන් දුන්නෙ මොහුගේ කල්ලිය.
ඒ ගැනත් සිංහල බෞද්ධයා ඔලුවේ තියාගත යුතුමයි.
මුදල් වියදම් කරලා ඔබගේ දර්ශනයට, ඇදහිල්ලට, විශ්වාසයට සැලසුම් සහගතව පහර දෙන්න පොරක් බිහි වෙලා. ඔහු කපටි නරියෙක්. ඔහුගේ ඉලක්කය පාර්ලිමේන්තුව. ඔහු දිහා බලාගෙනම ඉන්න.