ඉන්දික අනුරුද්ධට මාළිමා ආණ්ඩුව යනවා වගේ දැනෙන්නේ නැතිලු… හේතුව සාධාරණයි…

ආණ්ඩුවක් පවතින බව නොදැනෙන අය ගතවුණ සතිය තුළ රට තුළ සිදුව ඇත්තේ කුමක්ද යන්න සොයා බලන්නැයි නීතිඥ මනෝජ් නානායක්කර මහතා පවසනවා.

විවිධ වරප්‍රසාද වරදාන භුක්ති විඳිමින් කටයුතු කළ ඇතැම් දේශපාලනඥයන්ට රට තුළ ආණ්ඩුවක් නොපවතින ලෙස දැනීම පුදුමයක් නොවන බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා රට තුළ ආණ්ඩුවක් ඇති බව නොදැනෙන බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අද (30) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.

“ඉන්දික අනුරුද්ධ කියනවා ආණ්ඩුව නිකන් යනවා වගේ පෙන්නේ නෑලු. ඇත්ත. ඉන්දික අනුරුද්ධලාට එහෙම වෙන්න ඕන තමයි. ඉන්දික අනුරුද්ධලා වගේ තක්කඩීන්ට පෙන්නේ නැහැ ආණ්ඩුවක් යනවා වගේ. ඇයි? කලින් ගහපු කොමිස් ටික එන්නේ නැහැ. කලින් ගහපු පගාව එන්නේ නැහැ. කලින් ආව කොන්ත්‍රාත් එක හම්බවෙන්නේ නැහැ. කලින් හම්බවුණු ඉන්ධන දීමනාව හම්බ වෙන්නේ නැහැ. කලින් හම්බවුණ මන්ත්‍රී වැටුප හම්බ වෙන්නේ නැහැ. කලින් හම්බ වුණු නිල නිවාසය නෑ. කලින් හම්බවුණු වරප්‍රසාදය හම්බ වෙන්නේ නැහැ. කලින් හම්බ වුණු ෆොරීන් ටුවර් එක හම්බවෙන්නේ නැහැ. කලින් හිටිය ලේකම්ලා ටික නෑ. කලින් වටේ හිටිය ගාඩ් එක නැහැ. කලින් තිබුණ වෙපන් එක නැහැ. දැන් එයාලට ආණ්ඩුවක් යන්නේ නෑ වගේ තමයි.

ඉදිරියේ දී ජම්පරයෙන් යන්න සෙට් එකක් ඉන්නවා. අන්න එදාට ඉන්දිකලාට ආණ්ඩුව යනවා වගේ දැනෙයි. මහ මැතිවරණය ඉවර වෙනකල් ඉන්න.”

__tpx__

Latest News