පුටින්ගේ විශේෂ පණිවිඩයක් රැගෙන රුසියානු තානාපතිවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.

මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවන්රුසියානු ජනාධිපතිවරයාගේ පණිවිඩයේ සඳහන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් අවධානය යොමු වූ අතර, දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කරන අතරම වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වයම විසින් අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!