වැටුප් නොමැති ගෞරවනීය පදනමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයින් දෙදෙනෙක් පත් කෙරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් ගෞරවනීය පදනම මත ආර්ථික කටයුතු සහ මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, 2024 සැප්තැම්බර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය මත සිදු කරන බවයි.

වැටුප් ගෙවීමක් හෝ වෙනත් ප්‍රතිලාභයක් නොමැතිව සිදු කරනු ලැබූ මෙම පත්වීම් දෙකම ගෞරවනීය සේවාවන් ලෙස ජනාධිපතිවරයා වෙත උපදේශනය සපයනු ඇති බව කැබිනට් තීරණ දැනුම් දෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...