අර්ජුන් මහේන්ද්‍රන් මඟුල් ගෙදර ඉවර නම් ලෑස්ති වෙන්න…. රනිල් ඔයාගෙත් මුක්තිය ඉවරයි…

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව නීත්‍යානුකූලව සිදු කළ යුතු පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් මේ වන විටත්  ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා වාර්තාව ඇතුළු වාර්තාද සැලකිල්ලට ගනිමින් මහ බැංකු බැඳුම්කාර වංචාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ගන්නා බවත් ආරම්භ කර ඇත්තේ එහි මූලික පියවර බව ඔහු කියා සිටියා.

අද (01) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ව්‍යවස්ථානුකූලව පැවති මුක්තිය හේතුවෙන් ඔහු නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි වූ බවයි.

හිටපු ජනාධිපතිවරයා වරක් පැවසූ පරිදි මඟුල් ගෙදරකට ගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත පැමිණිය යුතු කාලය දැන් එළැඹී ඇති බවයි ඔහු එහිදී පැවසුවේ.

“මඟුල් ගෙදර කටයුතු දැන් ඉවර ඇති .ඒ නිසා ගෙන්නගන්න පුළුවන් වෙයි.රනිල් වික්‍රමසිංහත් දැන් ජනාධිපති නෙවෙයි. ඒ නිසා දැන් මුක්තිය නැහැ. ඒ නඩුව ඇත්තටම ඉදිරියට ගියේ නැත්තේ ව්‍යවස්ථාවේ තියෙන මුක්තිය බලය පාවිච්චි වෙලා. දැන් අපට ඔහුව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා.”

Latest News

More like this

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

වැලිගම බිකිණි හැඳ ගත් විදේශ සංචාරකයින් අක්‍රම්ට අකැපද..?

දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක්...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...