මහ මැතිවරණයේ ජය මාළිමාවටයි…. එය එසේ විය යුතුමයි..

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය මහ මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බව හිටපු පාලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ අනුව මෙවර මහ මැතිවරණයේ දී මාළිමාවට කිසිදු බාධාවකින් තොරව සරල බහුතරය හිමි වන බව ඔහු කියා සිටියා.

එමෙන්ම එය අනිවාර්යයෙන් හිමිවිය යුතු බවත් එසේ නොවුනහොත් රට අස්ථාවර වීම වැළක්විය නොහැකි බව ඒ මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

Latest News

error: Content is protected !!