ඉදිරි ඡන්දයට එන්නේ කොහොමද? එජාපය ලෝක තුනක අතරමං…

ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කිරීම සම්බන්ධයෙන් ඊයේ (01දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා තුනක් ඉදිරිපත් වී තිබෙනවා.

එම යෝජනා තුන අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඉහළම අවධානය යොමුව ඇත්තේ සමගි ජනබල පක්ෂය සමග එක්ව තරග කිරීම පිළිබඳවයි. එම ප්‍රයත්නය අසාර්ථක වුවහොත් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීම සහ අලියා ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සජබ සමග එක්වීම සම්බන්ධව රුවන් විජයවර්ධන මහතා පවත්වන සාකච්ඡා තවදුරටත් සිදුකරන ලෙසය.

එම යෝජනාවට නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ආෂු මාරසිංහ යන අයද එකඟතාවය පළ කර තිබෙනවා.

වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරු පවසා ඇත්තේ සජබය දෙවරක් මැතිවරණ පරාජයට ලක්ව ඇති නිසා මෙවරත් පරාජයට පත්විය හැකි බවය. ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ ද මහ මැතිවරණයේදී ඒ සම්බන්ධව තාක්ෂණික ගැටලු පවතින බව මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 2.30 ට ආරම්භ වී පස්වරු 5.30 පමණ දක්වා පැවැත්වුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!