ජනපති හමුවීමට එන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා: ඉන්දීය විදේශ ඇමැති අනිද්දා ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වාර්තා කර තිබෙනවා.

එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා අතර ද්විපාර්ශ්වීය විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙනු ඇති බව එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.

මේ අනුව අභිනව ජනාධිපතිවරයා තනතුරට පත්වීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් මහතායි.

‘අසල්වැසියා පළමුව‘ යන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට යොමුවනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ජනාධිපතිවරයා චීනය සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමඟ සිදුකරන සුළං බල විදුලි ව්‍යාපෘතිය පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය විදේශ කටයුතු ඇමැති හා ජනපති අතර මෙම සාකච්ඡාවලදී මතුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!