එජාපයට ගෑස් සිලින්ඩරය අහිමි වෙයි.. මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්..

‘ගෑස් සිලින්ඩරය’ ලකුණ 2024 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් වෙත ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය යොමු කරමින් එම සංවිධානය පවසන්නේ පැවැත්වීමට නියමිත 2023 පළාත් පාලන මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමක් වන ඔවුන් වෙත ගෑස් සිලින්ඩර ලකුණ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිල අනුමැතිය ලැබී ඇති බවයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීනව කළුතර දිස්ත්‍රික්කයට තරග කරන අතර ඔවුන් 2023 පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගත් ගෑස් සිලින්ඩරය ලකුණ දේශපාලන පක්ෂයක් හෝ අලුතින් පිහිටුවන සන්ධානයක් මඟින් භාවිත කිරීමට උත්සහයක් පවතින බැවින් එය නතර කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී එම ලකුණ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීම තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස දැඩි අපහසුතාවට හා ජනතාව තුල වූ විශ්වාසයට බරපතල හානියක් වූ බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් ගෑස් සිලින්ඩරයක් වෙනත් පාර්ශවයකට ලබා දීමට දැඩි විරෝධතාව ප්‍රකාශ කරන බවයි එම සංවිධානය වැඩිදුරටත් එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදුණු අතර මේ වන එම පක්ෂය විට මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද එම ලකුණ යෝජනා වී තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...