ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිතයන් අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
මෙම හමුවේ දී ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරුණා.
ජනාධිපතිවරයා මෙහි දී ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජය පුළුල් ලෙස එකඟ වන බව ප්‍රකාශ කළා.
ඉහළ වැට් බැද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නා.
ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ද එකඟතාවය පළ කර සිටියා.
එසේම ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහි දී දෙපාර්ශවයේම අවධානය යොමු කෙරුණා.
ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් විය හැකි නමුත් බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහි දී ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික වුණා.
මෙම හමුවට එක් වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක්.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද ද ඊට එක්ව සිටියා.


