මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය සේවකයින් ප්‍රශ්ණ කරන්නේ නැහැ.. ජනපතිගෙන් ගෞරවණිය රාජ්‍ය සේවයක්..

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන අප පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා බව  සඳහන් කළේ අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බවත් සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු නොවන බවත් වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරනය කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...