රාජපක්ෂ භීෂණය හමුවේ රටින් ගිය පෝද්දල ලංකාවට පැමිණේ.. මේ ඉරිදා සිළුමිණෙන් යළි වැඩ අරඹයි

රාජපක්ෂ පාලන සමයේ දී පැහැර ගෙන ගොස් බරපතල පහර දීමට ලක්කළ ගවේෂණාත්මක මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා එක්සත් ජනපදයේ සිට යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ජීවිතයට රජයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ එක්සත් ජනපදයට පිටත්ව ගිය ඔහු දිගු කාලයක් එහි ජීවත් වුණා. 

වාර්තා වන අන්දමට ඔහු යලිත් වතාවක් සිය මෙහෙවර ‘සිළුමිණ’ පුවත් පත හරහා ඉටු කරන බවයි කියන්නේ. මේ ඉරිදා එනම් 6 වෙනිදා ‘සිළුමිණ’ ට සිය දායකත්වය දෙමින් ඔහු සිය මාධ්‍ය කටයුතු අරඹන බවයි පැවසෙන්නේ.

ජීවිත ආරක්ෂාව සඳහා බොහෝ දෙනාගේ පෙළඹවීම මත රටින් පිටව ගිය පෝද්දල ජයන්ත මහතා ඉන් පසුව එක්සත් ජනපදයේ සිට මෙරට සම්බන්ධව විවිධ අනාවරණයන් සහිත තොරතුරු අනාවරණය කර සිටියේ සිය FB ගිණුම හරහා යි. 

මෙරට මෙන්ම බොහෝ විදෙස් මාධ්‍යද ඔහුගේ එම සටහන් යලි උපුටා පළකර තිබුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...